මාධ්‍යවේදීන් ඝාතනය සහ පහරදීම එකම පිරිසකගෙන්

ජන 17, 2019

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග සහ උපාලි තෙන්නකෝන් යන තිදෙනාටම එකම පිරිසක් විසින් පහරදී ඇති බවට තොරතුරු සනාථ බවයි.

    එසේම මේ සම්බන්ධව ඇප මත සිටින සැකකරුවන් තිදෙනා වෙත වෙන-වෙනම නීතිපති උපදෙස් ලබාදෙන, නඩු ගොනු කිරීමට කටයුතු කරන බවද පැවසුවා. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා මැයි මස 10 වැනි දිනට නැවත නඩුව කැඳවීමට නියෝග කරනු ලැබුවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 18:32

    Latest News