කාබන් විචෝචන වාහන නිෂ්පාදනයට ජපානයෙන් තිත

දෙසැ 07, 2020

    වසර 2030 වන විට කාබන් විමෝචන රථවාහන නිෂ්පාදනය නවතාලීමට ජපානය තීරණය කර තිබේ.

    ඒ වෙනුවෙන් විදුලියෙන් හා හයිඩ්‍රජන් භාවිතයෙන් ධාවනය කළ හැකි වාහන නිෂ්පාදනය කෙරෙහි යොමුවන බවයි, එම නිෂ්පාදකයන් පවසන්නේ. කාබන් විමෝචන රථ වාහන නිෂ්පාදනය නවතාලීමේ ප්‍රමුඛ අරමුණ පරිසර දූෂණය වළක්වා ගැනීමයි.

    ගෝලීය වශයෙන් පරිසර ආරක්ෂණය තම අභිප්‍රාය බවයි,ජපානය පවසන්නේ. 2050 වසර වන විට කාබන් විමෝචනය සිදුවන සියලු ක්‍රියාකාරකම් නවතා දැමීමට පියවර ගන්නා බව, අගමැති යොෂිහයිඩ්-සුගා ප්‍රකාශ කර තිබේ.

    Latest News