අය වැය 2වැනි වර කියවීම සම්මතයි

නොවැ 12, 2020

    2020 ආදායම් වියදම් ඇතුලත් ඇය වැය දෙවැනි වර කියැවීම ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    පසුගිය වසරේ දී මේ වස‍රට අදාළ අයවැයක් ඉදිරිපත් ‍නොකෙරුනි. ඒ අනුව, අතුරු සම්මත ගිණුම් 4කින් රාජ්‍ය වියදම් සදහා මුදල් වෙන් කෙරිණ. එම අදායම් වියදම් පිළිබඳ විසර්ජන පනත දෙවැනි වර කියැවීමේ විවාදය අද පෙරවරු 10.00ට ආරම්භ වූ අතර ප.ව 5.00 දක්වා පැවැත්විණ.

    2020 වසර සඳහා වන අය වැය කාරක සභා අවස්ථාව ද අද පැවැත්වෙන අතර ඉන් අනතුරුව,අය වැය කාරක සභා ඡන්ද විමසීම හෙවත් ‍තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    2021 ලබන වසර සඳහා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනි දිනයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 17:20

    Latest News