රුසියාවේ කොරෝනා එන්නත 92%ක් සාර්ථකයි

නොවැ 12, 2020

    කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර සඳහා රුසියාව සොයා ගෙන තිබූ ස්පුට්නික් වී නමැති එන්නත 92%කින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ‍තිබේ.

    මොස්කව් වෛද්‍ය විද්‍යා ආයතනය පවසන්නේ,එන්නත දැනට වැඩිම සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත බවයි. 90%කින් සාර්ථකත්වය පෙන්වූ අමෙරිකානු සාමාගමක් වන ෆයිසර් සමාගමේ එන්නතට වඩා මෙම ස්පුට්නික් වී එන්නත සාර්ථක බව රුසියානු විද්‍යාඥයින් පවසයි.

    ඔවුන් කළ අතුරු අත්හදාබැලීම් සහ දහසය දහසකගේ සහභාගීත්වයෙන් කළ පළමු පරීක්ෂණ වාර්තා මගින් මෙම සාර්ථකත්වය පිළිබඳ ප්‍රතිඵල පෙන්වා තිබේ.

    කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කරන්නේ,විවිධ ජනගහනයන්ට ගැලපෙන එන්නත් වර්ග කිහිපයක් අවශ්‍ය බවයි. වැඩිහිටියන්,ළමයින් හා ගර්භනී මාතාවන් වැනි ජනගහන කාණ්ඩ සඳහා එලදායී එන්නත් ඉදිරියේ දී අවශ්‍ය වන බව වැඩිදුරටත් ඇය පෙන්වාදී තිබේ.

    Latest News