මුඛ ආවරණ පැලඳීමේ නව මාර්ගෝපදේශ

නොවැ 12, 2020

    මුඛ ආවරණ පැළඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මුඛ ආවරණ පැළඳීමෙන් එය පලඳින පුද්ගලයාත් ඔහු හෝ ඇය වටා සිටින පිරිසත් ආරක්ෂා කරන බව එම මධ්‍යස්ථානය මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් සඳහන් කරයි.

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් තවමත් සමාජයේ කතාබහ පවතින අතර, ඒ සම්බන්ධයෙන් දැනටත් විවිධ අධ්‍යයන සහ පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් මේ වනවිට "විශ්වීය මුඛ ආවරණ පැලඳීමේ" ප්‍රතිපත්තියක් ද නිර්මාණයවී ඇත.

     

    Latest News