කොළඹ නගරයේ කොරෝනා වාහකයන් 30,000 ක් - කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

නොවැ 12, 2020

    කොවිඩ් වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි, කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

    නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකළ පීසීආර් පරික්ෂාවක දී එයින් 5%ක් ආසාදිතයන්වී තිබු බවත් ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා පැවැසීය.

    ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත්කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළේය.

    මෙකී රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

     

    Latest News