කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම

ජන 17, 2019

    කොකේන් මත්ද්‍රව්‍ය ග්රෑම් 62 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

    කොහුවල ප්‍රදේශයේ පදිංචි නලින් චාරුක කුලතුංග වන විත්තිකරුට මෙසේ මරණීය දණ්ඩනය නියම කෙරිණ.

    2012 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62.01 සන්තකයේ තබාගෙන සිටියදී කොහුවල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපති ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු ඇති බවයි. ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය පනවන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය. එම චෝදනාව එල්ල වී තිබූ තවත් විත්තිකරුවෙකු ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම මත නිදොස්කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේය.

    Latest News