කුර රෝගයෙන් කිරි සිහිනය බොඳවෙයි

ජන 17, 2019

    මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක කිරි ගවයන් සඳහා මුඛ කුර රෝගය ව්‍යාප්ත වීම නිසා කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ

    මේ අතරින් ගලේවෙල,  දඬුබැඳිරුප්ප  ප්‍රදේශවල ගවයින්ට විශාල ලෙස මෙම රෝගය පැතිර තිබේ.මේ හේතුවෙන්  කිරි කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණපා තිබේ.කිරි ගවයන්ගේ දිවෙහි තුවාල සිදුව  ආහාර   නොගනිමින් සිටින බවද  පසුව එම තුවාල ක්‍රමක්‍රමයෙන් ගවයාගේ කුරවලට බෝවී නැවත කිරි බුරුළු වලට එම තුවාල ව්‍යාප්ත වී යන බව ද ඔවුන් පෙන්වා දෙයි

    ලොකු කුඩා සියලුම සතුන්ට සීඝ්‍රයෙන් මෙම රෝගය බෝවී තිබෙන ආකාරය ද තම ප්‍රදේශයේ සිටින බටු ගවයන්ට ද මේ රෝගය වැළදෙන තත්වයක් පවතින බව ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ රජයේ පශු  වෛද්‍ය නිලධාරීන් පැමිණ එක සතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 800 ක 900 ක  මුදලක් අය කරන බවත් එතරම් මුදලක් ලබා දී විශාල හරකුන් ප්‍රමාණයකට  ප්‍රතිකාර කිරීමට නොහැකි තත්වයක් පසුවන බවයි.

    කිරි ලීටර් තිහක් ලබාගත් ගොවිපලවල්වල කිරි ලීටර් 3 දක්වා සතුන්ගේ කිරි අඩු වීමමට පටන් ගෙන තිබේ. එමෙන්ම කුර මුඛ රෝගය වැළඳුනු සතුන් එක සතෙකුගේ මිල රුපියල් ලක්ෂ එකහමාරක් රුපියල් ලක්ෂ දෙකක් අතර ප්‍රමාණයක් වෙයි. ඇතැම් ගොවීන් තම ගව පට්ටියේ සිටින පිරිමි සතුන් මසට අලෙවි කොට ඉතිරි වී සිටින ගැහැණු සතුන් ආරක්ෂා කරගැනීම සඳහා එම මුදලින් වියදම් කොට ප්‍රතිකාර කරන බවද ඔවුහු මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය. මේ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙස ද දඬුබැඳිරුප්ප කිරි ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 12:49

    Latest News