මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 8713ක්

නොවැ 05, 2020

    ඊයේ (04) දිනට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හාරසිය හතලිස් තුන් දෙනෙකු (443) හඳුනාගෙන ඇත. ඔවුන් දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.

    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (05) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8,713 දෙනෙකු වේ.

    ඒ අතර, පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන්ද, පුද්ගලයින් 1,007 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ පුද්ගලයින් වන අතර, පුද්ගලයින් 6,665 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපොලට සම්බන්ධ ළඟම ආශ්‍රිතයන් වේ.

    ඉන් මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 412 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර, සමස්ත ආශ්‍රිතයන්ගෙන් 2,024 දෙනෙකු ද මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    Latest News