දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස හෝ රාත්‍රීයේ ගිගුරුම් සහිත වැසි

නොවැ 04, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබල ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    උතුරු-මැද, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට, මි.මි.100 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකිය.

    Latest News