හමුදා කඳවුරට පහරදීමට තොරතුරු දුන් LTTE 02කට සිරදඩුවම්

ජන 16, 2019

    අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට 2007.10.22 දින ප්‍රහාරයක් එල්ල කිරීමට තොරතුරු සැපයූ බවට වරද පිළිගත් LTTE සාමාජිකයන් දෙදෙනෙකුට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර 10ක සිර දඩුවමක් අද නියම කෙරිණ.

    එය වසර 5කින් ගෙවී යන පරිදි නියම කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාවරයා නියෝග කළේය. අරවින්දන් සහ තබෝරූපන් වන මෙම සැකකරුවන් දෙදෙනා විසින් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔත්තු බලා තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් චෝදනා තුනක් එල්ල වී තිබිණ.

    ඒ අනූව, අරවින්දන් පළමු සහ දෙවැනි චෝදනාවලට වරද පිළිගත් අතර ඒ අනූව, එක් චෝදනාවකට වසර 05 බැගින් වසර 10ක සිර දඩුවම් නියම කෙරිණ. තබෝරූපන් පළමු සහ තෙවන චෝදනා සඳහා වරද පිළිගත් අතර ඔහුට ද එක් චෝදනාවකට වසර 5 බැගින් වසර 10ක සිර දඩුවම් නියම කෙරිණ.

     

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 14:19

    Latest News