මුහුදෙන් හමුවූ හෝඩුවාව ඔස්සේ තරුණිය සොයයි

ජන 16, 2019

    අම්බලන්ගොඩ - රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුවලක් සහ බැගයක්, දුරකතනයත් තිබී හමුවී ඇති අතර එහි හිමිකාරිය මුහුදේ අතුරුදන් වී  ඇතැයි, සැකමත අම්බලන්ගොඩ පොලීසිය නාවික හමුදාව එක්ව සොදිසි කිරීම ආරම්භ කර තිබේ.

    ඊයේ දහවල් (15) මෙම බෑගයෙන් ලැබුනු අතර එහි තොරතුරු අනුව  දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි නිෂාරා සිතුමිනි ගුණසිංහ (18) නැමති තරුණියක් බවට හදුනා ගෙන තිබේ.

    නාවික හමුදාව  ඇය සොයා රන්දොබේ මුහුදු තීරයේ සෝදිසි කිරීම් සිදුකරයි. පවුලේ අය සඳහන් කළේ ඊයේ උදේ ගොනාපිනුවල ඇගලුම් කම්හලේ සේවයට යෑම සඳහා නිවසෙන් පිටව ගිය බවයි. මෙතෙක් ඇය ගැන තොරතුරක් නැති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

     

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 13:30

    Latest News