අම්බලන්ගොඩ සිව් නිවුන් දරු උපතක්

ජූනි 03, 2020

    කොරෝනා වෛරසය දැඩිව පැවති සමයේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් සිව් නිවුන් දරු උපතක් වාර්තා වෙයි.

    එම බිළිඳුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි, දෙමාපියන් පවසන්නේ. එහෙත්, දරුවන් පෝෂණය කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවින්, එය තමන්ට අපහසු බවයි දෙමාපියන් පවසන්නේ. දරුවන්ට මව් කිරි ප්‍රමාණවත් නොවන බැවින්, වෛද්‍යවරුන් ඒ සඳහා විශේෂ කිරිපිටි වර්ගයක් නිර්දේශ කර ඇති බව ඔවුන් කියා සිටියි.

    දරුවන් සතියකට වරක් කොළඹ කාසල් රෝහලට රැගෙන යාමට සිදුව ඇති බැවින්, ඒ සඳහා ද විශාල මුදලක් වැය කෙරේ. පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙකු වන මේ දරුවන් පෝෂණය කිරීමට පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර අපේක්ෂා කරන බවයි, දෙමාපියන් පවසන්නේ. ඒ සඳහා 071-0777155 අංකයට දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

    Last modified on බදාදා, 03 ජූනි 2020 13:10

    Latest News