බස්නාහිරට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

නොවැ 01, 2020

    බස්නාහිර පළාතට පැනවූ ඇඳරිනීතිය හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් මස 09 වැනි දින පෙරවරු 5.00 දක්වා තවදුරටත් දීර්ඝ කෙරේ.

    අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ගමන් කිරීමට අවසර හිමි වේ.

    අනෙකුත් පුද්ගලයින්ට නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකියි.

    බස්නාහිර පළාතට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමටත්, කුරුණෑගල නගර සභා සීමාවටත්, කුලියාපිටිය පොලිස් වසමටත් ඒ අයුරින්ම 2020 නොවැම්බර් 02 දින පෙ.ව. 5.00 සිට 2020 නොවැම්බර් 09 දින පෙ.ව. 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

    Last modified on ඉරිදා, 01 නොවැම්බර් 2020 17:26

    Latest News