මෙවර කඨින චීවර පූජාව රාජ්‍ය අනුග්‍රහයෙන්

නොවැ 01, 2020

    මෙවර කඨින චීවර පූජාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

    පිංකම පැවැත්වෙන්නේ, ඓතිහාසික සෝමාවති පුදබිමේදී. කඨින චීවර පූජාව වෙනුවෙන් චීවරය සැකසීම අද සිදු කෙරිණ. ඒ, මැදිරිගිරිය බිසෝපුර දේශීය අත්යන්ත්‍ර නිෂ්පාදන ආයතනයේදී. ඊට අවශ්‍ය කපු නූල්, බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදනය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් පූජා කළේය. ඉපැරණි සම්ප්‍රදායන් අනුව චීවරය සැකසීම මෙහිදී සිදු කෙරිණ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. කඨින පිංකම ලබන 7 සහ 8 දිනවල පැවැත්වීමට නියමිතයි.

    Latest News