එගොඩ උයන නිරෝධායන නිවාස 15ක් සඳහා වියලි ආහාර

නොවැ 01, 2020

    මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර ඇති නිවාස 15ක් සඳහා රුපියල් දස දහසක වටිනාකමින්, සති දෙකකට වියලි ආහාර ලබාදීම අද සිදු කෙරිණ.

    මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වියළි ආහාර ලබාදීම සිදු වී තිබේ. ඒ සඳහා රු. මි. 75ක් වෙන් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 5282 නිරෝධායන වී තිබේ.

    ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සහ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

    Latest News