නායයෑමේ අවදානම් කළාපවල ජනතාවට අනතුරු ඇඟවේ

නොවැ 01, 2020

    නිරිත දිග මෝසම් වර්ෂා සමය එළඹී ඇති බැවින් නායයාම් අවදානම් කලාපවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා අද (1) පැවසීය.

    නාය යාමේ දැඩි අවදානම් කලාප 300 අධික ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළින් හඳුනාගෙන එම ස්ථානවල වර්ෂාව මැන දත්ත ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

    නිවැරදිව වැස්ස මැන අවශ්‍ය අවස්ථාවලදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතු බවද නාය යාමේ අවදානම් කලාපවල සිටින අය පැය 24ක කාලයක් තුළ වර්ෂා පතනය මිලිමීටර් 75 ඉක්මවයි නම් හා වර්ෂාපතනය තවදුරටත් පවතී නම් විමසිලිමත් වීමටත් පැය 24ක කාලය තුළ වර්ෂා පතනය මිලිමීටර් 100 ඉක්මවයි නම් හා තවදුරටත් වර්ෂාව පවතී නම් ඉවත්ව යාමට සූදානම් විය යුතු බවත් පැයක් තුල වර්ෂාව මිලිමීටර් 75 ඉක්මවයි නම් හා තවදුරටත් වරුසාව පවතී නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යා යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මෙසේ වර්ෂාව මැනීම සඳහා අවශ්‍ය වැසි මාපක උපකරණ අදාළ සියලු ස්ථානවලට ලබාදී ඇති බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එම් උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News