අක්‍රීය PCR යන්ත්‍රයේ ගැටළුව සොයා ගනී

නොවැ 01, 2020

    නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කර තිබෙන PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී.

    මෙම යන්ත්‍රය අකර්මන්‍යවීම හේතුවෙන් මෙරට PCR පරීක්ෂණ ප්‍රථිපල ලබාදීමේ ප්‍රමාදයක් ඇතිවූ අතර ඒ අනුව චීනයේ සිට තාක්ෂණික කණ්ඩායමක් රාජතාන්ත්‍රික ඉල්ලීමක් අනුව මෙරටට පැමිණ එම යන්ත්‍රය සැකසීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

    යන්ත්‍රය යළි සැකසීමෙන් අනතුරුව එහි නිවැරදි භාවය සහතික කිරීම වස් සත්‍යාපන වට කිහිපයක් සිදුකිරිමට නියමිතයි.

    එමෙන්ම මෙම යන්ත්‍රය හෙට සිට නැවත පරීක්ෂණ සඳහා යොදා ගත හැකි බවයි, චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    Latest News