ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

නොවැ 01, 2020

    ඊයේ (31) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා විය.

    එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 86 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.

    කොළඹ (1-15) ආසාදිතයින් 51ක්,

    දෙහිවල 13ක්,

    ගොතටුව ප්‍රදේශයෙන් 04ක්,

    හංවැල්ල 11ක් 

    බොරැල්ල ප්‍රදේශයෙන් 07 දෙනෙක්

    ලෙස ආසාදිතයින් වාර්තා විය. මීට අමතරව ආසාදිතයින් 21ක් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ.

    එලෙස ආසාදිතයින් වාර්තාවී ඇත්තේ,

    ගම්පහ ප්‍රදේශයෙන් 02ක්,

    වත්තල 04ක්,

    මිනුවන්ගොඩින් 06ක්,

    කටාන 02ක්,

    ජා - ඇල 03ක්,

    කඩවත 02ක්,

    දොම්පේ ප්‍රදේශයෙන් 02ක් ලෙසයි.

    මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු හා වව්නියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තාවී ඇත.

    මිට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතයින් 59 දෙනෙකු ද වාර්තා වී ඇත.

    මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 10,510ක් සිදුකර ඇති අතර, මේ වනවිට මෙරට PCR පරීක්ෂණ 512,735ක් සිදුකර ඇත.

    එමෙන්ම නිරෝධායනය අවසන් කර අද දිනයේදී පුද්ගලයින් 718 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිත බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.  

    කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    එලෙස කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්තේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වනවිට IDH රෝහලට ඇතුළත් කර ඇත.

    එමෙන්ම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි, කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

     

     

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙනවා.

    ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, එම ප‍්‍රදේශයේ ඉකුත් 26 වැනි දින සිදුකළ අහඹු පී සී ආර් පරීක්‍ෂාවකදීයි සැරයන්වරයාට වෛරසය තහවුරුවී ඇති බව අනාවරණවී ඇත්තේ.

    කෙසේවෙතත් ඔහු අවසන්වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉකුත් 24 වැනි දිනයි.

    එදින ඔහු සමග රාජකාරී කළ තවත් නිළධාරියෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

     

     

    මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගොස් සිටි නිලධාරියෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    මේ අතර බන්ධනාගාර මුලස්ථානයේ අහඹු පී සී ආර් පරීක්‍ෂණ සිදුකර තිබෙනවා.

    බන්ධනාගාර උසස් නිළධාරීන් පිරිසක් ද පී සීආර් පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති බවයි, වාර්තා වන්නේ.

     

     

    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, පරීක්ෂණ සඳහා යොමු කෙරෙන සාම්පල ප‍්‍රමාණය වැඩිවීම සහ පවත්නා සුළු ගැටළු කිහිපයක් හේතුවෙන් පී සී ආර් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේදී යම් ප‍්‍රමාදයක් සිදුවන බවයි.

    කෙසේවෙතත් පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම කිසිසේත් නවතා දමා නොමැති බවද ඔහු අවධාරණය කළා.

     

    මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචි එකම පවුලේ පියාට සහ පුතාට කොවිඩ් - 19 රෝගය වැළඳී ඇති බව ඊයේ හඳුනා ගැණින.

    පියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවය කළ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

     ඔවුන්ගේ ආශ්‍රිතයන් 9ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

     

     

    යටියන්තොට 7ක් රෝහල්ගත කෙරේ.

    යටියන්තොට ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැණුනු රෝගීන් 7ක් ඊයේ රෝහල් ගත කෙරිණ.

    ඉන් 6ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපළට සම්බන්ධ වන අතර, අයෙක් කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන පුද්ගලයෙක්.

    Latest News