පුරන් වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණයට පියවර

ඔක් 30, 2020

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික ආහාර නිශ්පාදන ක්‍රියාවලිය පුළුල් සහ වේගවත් කිරීමේ අරමුණෙන් සෞභාග්‍යා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ වාරිමාර්ග අමාත්‍යාංශයයි.

    යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පුරන් වැව් අමුණු පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීම මේ යටතේ සිදුවනවා.

    ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 39 ක්.

    මෙම වැඩසටහන මහවැලි එල් කලාපයේ කිරිඉබ්බන් වැව, ඇතාවැටුණු වැව හා වෙහෙර තැන්න යන කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහන් වැව හා හංසවිල වැව සංවර්ධනය කිරීම මෙසේ ඇරඹුනේ ගොවි ජනතාවගේ සහභාගීත්වය හා යුද හමුදවේ මෙහෙයවීම මතයි.

    මෙමගින් කුඹුරු අක්කර 450ක් යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකි වන අතර, සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව දහසක්.

    අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News