බස්නාහිර පළාතෙන් ඊයේ දින පිටව ගිය අයට නඩු පවරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඔක් 30, 2020

    ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගිය පිරිස්වලට එරහිව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම මත අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා තිබේ.

    ඔහු පවසා ඇත්තේ ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර එම පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

    මේ අතර සඳුදා ඇඳිරිනීතිය ඉවත් කළ පසු නැවත කොළඹට පැමිණීමේ දී ද ඔවුන් කොළඹින් පිටත්ව ගිය ආකාරය පිළිබඳ ප්‍රශ්න කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස පැවසුවද දින දෙකකට පෙර ඇඳිරි නීතිය පිළිබඳ ප්‍රකාශ කර තිබූ නිසා සහ බස්නාහිර පළාතෙන් පිටවීමට මුල් දිනයේ තහනමක් පනවා ඇති බව ප්‍රකාශ කර නොතිබූ නිසා බොහෝ පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව යනු දැකිය හැකිවිය.

    Latest News