කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැවැන්ත ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනේ

ඔක් 30, 2020

    අපනයන වගාවන් සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැවැන්ත ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ආරම්භ කරයි.

    සමුද්‍ර ජලජීවී වගාව සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සුදුසු ස්ථාන හඳුනාගෙන සිතියම් ගත කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත.

    අපනයනය කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ දායකත්වය ලබා දීමට හා තිරසාර ධීවර සංවර්ධනය, තිරසාර සමුද්‍ර සංරක්ෂණය හා තිරසාර ධීවර කටයුතු තුළින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා ජලජීවී වගා සංවර්ධනය පිළිබඳ සංකල්පය මත නාරා ආයතනය විසින් කෙටුම්පත් කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මේ තුළින් ආරම්භවී ඇත.

    ඒ අනුව, නාචිකුඩාහි තෝරාගත් ප්‍රදේශ දෙකෙහි සිතියම් 14ක හා තවත් ප්‍රදේශවල සිතියම් 47 ඇතුළුව සිතියම් 61ක වැඩ පසුගිය සතියේ අවසන් විය.

    මීට අමතරව ඉදිරි දිනවලදී පසල් ප්‍රදේශයෙන් හඳුනාගත් සිතියම් 28 ක් සහ ග්‍රාන්ච් ප්‍රදේශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන අයදුම්කරුවන් සඳහා ඉඩම් ලබාදීමට ද සිතියම් 13ක් සකස් කර ඇත.

    මේ අතර උතුර රදගුරු පදවියේ අක්කර 103 ක භූමි ප්‍රමාණයක් මේ සඳහා යොදා ගැනීමට අදාළ සිතියම් 85 ක් සකස් කර ඇත.

    ඒ අනුව මේවායේ නව ව්‍යපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුලික කටයුතු සිදුකර තිබේ.

    පෞද්ගලික ආයෝජකයින් සහ ගම්මානවල සිටින ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් නවීන ක්‍රම භාවිතා කරමින් ජලජීවී වගාව තුළ මුහුදු ආහාර නිෂ්පාදනය හඳුන්වාදීම පළමුවෙන් සිදුවේ.

    සාගර සම්පත් වලට හානිකර සාගර සම්පත්වලට හානිකර යැයි පර්යේෂකයන් විසින් විස්තර කර ඇති ධීවර කටයුතුවල නියැලී සිටින ධීවරයින්ගේ ජීවනෝපාය සුරක්‍ෂිත කිරීම උදෙසා ඔවුන් ධීවර ව්‍යවසායකයින් බවට පත්කිරීමටත් මෙම ව්‍යාපෘති සකසා ඇත.

    කිලිනොච්චිහී ජලජීවී වගා ඒකක 200 ක් ආරම්භ කරන ලෙස ද මෙම ව්‍යාපෘති මන්නාරම හා යාපනය දිස්ත්‍රික් වලට ද ව්‍යාප්ත කරන ලෙස අමාත්‍ය දේවානන්දා උපදෙස් දී ඇත.

    Latest News