අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිරට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක් 29, 2020

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළුවීම තහනම් වන බවයි.

    මේ අතර අද මධ්‍යම රාත්‍රියේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට නොයන ලෙසට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඔහු සඳහන් කළේ, බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අතර, මෙම සති අන්තයේ ගමන් නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවතියද උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ඔවුන්ට අවශ්‍ය පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

    Latest News