වැලිකන්ද හරහා හමා ගිය සුළඟෙන් නිවාස 30කට හානි

ඔක් 29, 2020

    පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස 30 කට හානි සිදුව තිබෙනවා.

    වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදුරංගල හා මුතුගල යන ගම්මාන හරහා මෙම සුළග හමාගිය බවයි, පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළේ.

    විනාඩි 10 ක පමණ කාලයක් පැවති මෙම සුළගින් නිවාස 30 කට හානි සිදුව තිබේ.

    මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම් ද සිදුව ඇති බවයි, ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

    පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම මේ වනවිට සිදුවේ.

    Latest News