අබුඩාබි හා දෝහා කටාර් හී සිටි පුද්ගලයන් 17 දෙනෙකු දිවයිනට පැමිණේ

ඔක් 29, 2020

    අබුඩාබි හා දෝහා කටාර් සිට පුද්ගලයන් 17 දෙනෙකු අද (29) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

    මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි ආරක්‍ෂක අංශ කටයුතු කළේ.

    මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 927 දෙනෙකු නිවෙස් බලා පිටව ගොස් ඇත.

    පී සී ආර් පරික්‍ෂණ 7870 ක් ඊයේ (28) දිනය තුළ සිදුකළ බවත් ඒ අනුව මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරික්‍ෂණ සංඛ්‍යාව 477156 ක් බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    Latest News