සැකකරුවන් 118 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට

ඔක් 29, 2020

    අද උදෑසන 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 118 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය සඳහා බස්නාහිර පළාත තුළ කි‍්‍රයාත්මක විශේෂ වැටලීම්වලදීයි.

    අදාළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 28 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    නීතීවිරෝධී මත්පැන් බෝතල් 474 ක් සමග සැකකරුවන් 52 දෙනෙකු ද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

    Latest News