පානීය ජලය ලබාදීමේ දුෂ්කර අභියෝගය ජය ගැනීමට ඒකාබද්ධ සැලැස්මක්

ඔක් 29, 2020

    කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව ඇති පොලිස් බල ප්‍රදේශයේ මහජනතාවගේ ජල සැපයුම් ඇඳිරි නීති කාලය ඉවත් කර මෙම තත්ත්වය සමනය වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

    ඒ අනුව බිල්පත් නිසි පරිදි ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හී පාරිභෝගිකයන්ගේ ජල සම්බන්ධතාවයන් විසන්ධි නොකරන බව වැඩිදුරටත් දැනුම් දේ. ඉදිරියේදී පස් අවුරුදු සැළැස්මක් හරහා සෑම නිවසකටම පානීය ජලය ලබා දීම සැළසුමයි.

    මේ වසර තුළ ජල සැපයුම් ලක්ෂයක් ලබා දෙන බවයි, සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

    Latest News