අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණේ

ඔක් 27, 2020

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ දෙදින නිල චාරිකාවක් සඳහා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකාවට ළඟා විය.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ ශ්‍රී ලංකාවේ චාරිකා කරන ඉහළතම රාජ්‍ය නිලධාරියා ලෙස ඔහු සැලකේ.

    අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ නියෝජිත පිරිස රැගත් ගුවන් යානය රාත්‍රී 7.45ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට ළඟා විය. ඔහු පිළිගනු ලැබුවේ විදේශ අමාත්‍යාංශ නිලධාරින් විසින්.

    ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු ඉහළ පෙළේ සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ. පොම්පෙයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඔහුගේ ආසියානු සංචාරයේ එක් අදියරක් වශයෙන්.

    චාරිකාව අරඹමින් ඔහු ඊයේ ඉන්දියාවට ළඟා විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය නායකයන් සමඟ ඔහු සාකච්ජා පැවැත්විය. ඉන්දීය සාගර කලාපයේ ඉන්දු-අමෙරිකා ආරක්‍ෂක සහයෝගීතාව නැංවීම එම සාකච්ජාවලදී මුලික වශයෙන් ඇතිකර ගනු ලැබූ එකඟතාවක්.

    Latest News