අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සතියට දින 2ක් විවෘතයි

ඔක් 27, 2020

    පහත දක්වා ඇති දිස්ත්‍රික්කයන්හි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධහල් සතියකට දින 2ක් වශයෙන් පහත දක්වා ඇති ආකාරයට උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී

    ගම්පහ දිස්ත්‍රික්කය සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දින ‍දෙක

    කොළඹ දිස්ත්‍රික්කවල සෑම අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක

    කළුතර දිස්ත්‍රික්කය සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දින ‍දෙක

    කුරුණෑගල දිස්ත්‍රික්කය සෑම අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක

    Latest News