15 වැනි කොවිඩ් මරණය වාර්තාවේ

ඔක් 24, 2020

    මෙරට 15 වැනි කොවිඩ් මරණය අද වාර්තා විය.

    මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක්. කුලියාපිටිය කිතලව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වයස අවුරුදු 56ක්.

    කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු, ඉකුත් 14 වැනිදා රෝහලට ඇතුළත් වී තිබේ. ඔහු හෘද රෝගයෙන් සහ වකුගඩු රෝගී තත්වයෙන් පෙලුණු පුද්ගලයෙක්.

    Latest News