සහරාන්ගේ බිරිද අද (23) දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවට

ඔක් 23, 2020

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද (23) දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ.

    කෙසේ වෙතත් අදත් ඇයගෙන් කෙරෙන සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ.

    මේ අතර කොමිසම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අද විවිධ බලපෑම් එල්ල වුණා.

    පාස්කු ඉරිදා එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර මාලව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද ජනාධිපති කොමිසම හමුවට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂක යටතේයී.

    ඇය ඊයේ දින පළමුවරට කොමිෂන් සභාව හමුවට කැඳවූ අවස්ථාවේ ඇයගෙන සාක්ෂි විමසීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිෂන් සභාවට රහසිගත කරුණු දැක්වීමක් සිදු කෙරුණු අතර පසුව අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

    එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සහරාන්ගේ බිරිද ඇතුළු 6 දෙනෙකු නොවැම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    එමෙන්ම ඇයගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි ලබාගැනීම සම්බන්ධයෙන් වන තීරණය අද පෙරවරුවේ ලබාදීමට ජනාධිපති කොමිසම ද ඊයේ තීරණය කළා.

    ඒ අනුව ඇය අද පෙරවරු 9ට පමණ කොමිෂන් සභාව හමුවට රැගෙන ආ අතර අද දිනයේත් ඇයගේ සාක්ෂි විමසීම මාධ්‍යය විවෘත වූයේ නැහැ.

    Latest News