මාකඳුරේ මධුෂ්ගේ අවසන් කටයුතු අද

ඔක් 21, 2020

    මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මේ වනවිට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ.

    ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    මධුෂ් ලක්ෂිතගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔහුගේ මළ සිරුර ඊයේ(20) හඳුනාගනු ලැබුවා.

    පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන ලදී.

    Latest News