මහාචාර්ය පී.බී. මීගස්කුඹුර දැයෙන් සමුගනී

ඔක් 21, 2020

    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු, සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයට මාහැඟි මෙහෙවරක් ඉටු කළ, සම්මානිය මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා ඊයේ (20) අභාවප්‍රාප්ත විය.

    ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂක සිසුන් සඳහා මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් සඳහා ද සිය දැනුම දුන් මීගස්කුඹුර මහතා, ඉන්දියාවෙහි කීර්තිමත් පූනේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙකි.

    මහාචාර්ය මීගස්කුඹුර මහතා, භාෂා අධ්‍යයනය, වාග් විද්‍යාව, සිංහල සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ශාස්ත්‍රීය කෘති සහ ලිපි සම්පාදනය කර ඇත.

    සියම් ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා (හේමපාල විජයවර්ධන මහතා සමග), සිරිලක වැදි ජන පුරාණය යන කෘති ද පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි, වෙස්මුහුණ, මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය යන පරිවර්තන කෘති ද ඇතුළු ශාස්ත්‍රීය කෘති රැසක් මීගස්කුඹුර මහතා විසින් රචනා කරනු ලැබ තිබේ.

    මියයන විට 83 වැනි වියෙහි පසුවූ මහාචාර්ය මීගස්කුඹුර මහතාගේ අවසන් කටයුතු හෙට (22) පස්වරු 6.00ට මහයියාව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

    Latest News