පාඨලී චම්පික රණවකට අධිචෝදනා පත්‍ර භාර දෙයි

ඔක් 21, 2020

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

    කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි එම අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබේ.

    ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

    නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 4 වැනි දින සිදුකිරීමට නියෝග ලබා දී ඇති අතර, එදින සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසී නිකුත්කර තිබේ.

    Latest News