සැකකරුවෙකු මියයාමේ සිද්ධියට පූගොඩ හිටපු OIC රිමාන්ඞ්

ඔක් 21, 2020

    පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ද ඉකුත් දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    පොල්ගස්ලන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉකුත් දා මෙලෙස මියගොස් තිබිණ.

    එම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.

    Latest News