පොලොන්නරුවේ සිසුවියන් 02 කට ජනපතිගෙන් තෑග්ගක් (වීඩියෝ)

ජන 14, 2019
  • අ.පො.ස උසස් පෙළ කලා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගත් මැදිරිගිරිය ජාතික පාසලේ අකිලා ඉෂානි විජේරත්න සිසුවියගේ අධ්‍යාපනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් පිරිනැමීය.

    මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති රුවන් කුමාර, එම සිසුවියගේ පියා වන එච්.ආර්. විජේරත්න, මව වන කුමුදුනී පුෂ්පලතා යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂිනී වාසනා සෙව්වන්දි සිසුවියගේ අධ්‍යාපන සහ කලා කටයුතු වෙනුවෙන්  ද ජනාධිපතිතුමා අද (14) පෙරවරුවේ රුපියල් ලක්ෂ හතක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.

    එම සිසුවිය විසින් හැඩතල හා වර්ණ යොදා ගනිමින් ඇඳි සිතුවමක් 2017 වසරේ දී උතුරු මැද පළාතේ විශිෂ්ට නිර්මාණයක් ලෙස තේරිමෙන් පසු ඇය විසින්  පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාපතිගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය ලබා දී තිබේ. එම සිසුවියගේ ඉල්ලීමක් පරිදි එම පවුල වෙත රුපියල් ලක්ෂ 45 ක් වටිනා නව නිවසක් ද මීට පෙර ජනාධිපතිතුමා විසින් පිරිනැමීය. මේ අවස්ථාවට එම සිසුවියගේ පියා වන සුමිත් රෝහණ මහතා සහ මව වන ප්‍රියංගිකා කුමාරි මහත්මිය ද එක්ව සිටියහ.

    Wasana px 900 19 01 14

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 20:52

    Latest News