ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැළ බෙදා දීමේ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වූ පමණින් සියල්ල එක රැයකින් නිවැරදි කළ නොහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තවදුරටත් කරුණු දක්වමින් සිටියේය.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා - “පසුගිය 2015 ජනවාරී මාසයේ අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරු සහ ඒ ක්‍රීඩා අමාත්‍යවරුන්ට ආවරණය දෙන බුකිකාරයෝ හිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා. නමුත් මේ අවුරුදු හතරට කරපු විනාසය දැන් අපි භුක්ති විඳමින් ඉන්නවා. දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්. මීට කලින් ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕන.
කොහොම නමුත් තව පොඩි කාලයයි ලෝක ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ. මං හිතන්නේ එම තරගාවලියට අපිට ලේසි වෙන එකක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. හැබැයි අපේ ක්‍රීඩකයෝ දක්ෂයෝ. අපේ පරිපාලනයෙයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඉදිරි නිලවරණයේදී මේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා....”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.