බහින් බස් වීමකින් සිසුවෙකුගේ අතක් කපයි (ඡායාරූප)

ජන 14, 2019

    හැටන් පොලිස් වසමට අයත් යුන්ෆිල්ඩ් වතුයායේ පදිංචි පාසල් සිසුවෙකුගේ වම් අත කපා වෙන් කළ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු ඊයේ (13) රාත්‍රි 10 ට පමණ පාසල් සිසුවාට පහරදී ඇති අතර තියුණු ආයුධයකින් ඔහුගේ වම් අත කපා වෙන් කර ඇති බව හැටන් පොලිසිය කියා සිටියි. එකම නිවාස පේලියක පදිංචිකරුවන් වන පාසල් සිසුවා සහ සැකකරු , පෞද්ගලික ආරවුලක් නිසා ඇති වූ බහින් බස් විමක් දුර දිග යාමෙන් මෙය සිදුවී ඇත.

    බරපතල තුවාල ලැබු සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු, වැඩි දුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. ඔහු හැටන් කොටගල ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක උසස් පෙල හදාරණ සිසුවෙකු වේ.

    අපරාධය සිදු කළ සැකකරුගේ නිවසට අද (14) උදැසන වතු කම්කරුවන් පිරිසක් විසින් පහර දි අලාභ හානි සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    1 81 91 71 4

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 18:38

    Latest News