කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෙකුටත් කොරෝනා

ඔක් 19, 2020

    කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නියුතු කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි කරන්දෙණිය මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

    ඔහු නිවාඩු ලබා තම නිවසට ගොස් සිටියදී ඇල්පිටිය රෝහලේ දී PCR පරීක්‍ෂණයක් සඳහා යොමුව තිබේ. ඔහුට එහිදී රෝගය වැළඳී ඇති බව තහවුරු විය. ඔහුගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමුව තිබේ. අනෙකුත් ආශ්‍රිතයන් සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News