“ක්ලොපිඩොග්‍රෙල්“ ඖෂධය මෙරටදී නිෂ්පාදනය අරඹයි

ඔක් 19, 2020

    හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමට ලබාදෙන ක්ලොපිඩොග්‍රෙල් ඖෂධය මෙරටදී නිෂ්පාදනය අරඹා තිබේ.

    ඒ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින්. ඖෂධයේ ප්‍රථම කොටස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත අද පිළිගැන්විය.

    ඖෂධය රුපියල් 2යි ශත 10ක් වැනි මුදලකට වෛද්‍ය සැපයුම් අංශය වෙත නිකුත් කිරීමටයි රාජ්‍ය ඖෂධ සංස්ථාව සැලසුම් කර ඇත්තේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 60%ක් දේශීයව නිෂ්පාදනය රජයේ ඉලක්කයයි.

    මේ වනවිට නිෂ්පාදනය කෙරෙන්නේ, ඉන් 20%ක් පමණි. දේශීයව ඖෂධ නිෂ්පාදනය සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව ක්‍රියාවට නැංවේ. මෙමගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මෙන්ම තත්වයෙන් උසස් ඖෂධ ජනතාවට ලබාදීමට හැකිවනු ඇති.

    Latest News