මහින්දානන්දට කඩා පැනීමක් මධ්‍ය ආයාතන ඉදිරිපිට විරෝධය (විඩියෝ)

ජන 12, 2019
  • එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහයෝගය දක්වන නළු නිළියන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක් මාධ්‍ය ආයතනවලට එරෙහිව උද්ඝෝෂණ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මහින්දානන්ද පදනම මගින් නාවලපිටිය ප්‍රදේශයේ දමිල අංශයේ පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 500කට අද (12) නාවලිපිටිය වෙස්වොල් දමිල මහා විද්‍යාලයේදි පාසල් උපකරණ කට්ටල ලබාදිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

    එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ මාධ්‍ය ආයතන ඉදිරිපිට දැක්වූ විරෝධතාවන් සිවිල් සංවිධාන විසින් සිදුකළ විරෝධතාවක් බවයි. ඊට දේශපාලන පක්ෂවල කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් එම පක්ෂ අද අවධාරණය කර සිටියේය.

    ඇමති හරින් පිරිස් - “ සිවිල් සංවිධානය කියන්නේ තමුන්ගේ අදහස්වලින් පරිපූර්ණ වෙච්ච කණ්ඩායම්. ඇතැම් නාලිකා මේ වගේ දේවල් නායකයින් සමග තිබෙන තරහට මේ වගේ ප්‍රචාර ගෙනියනවා. එසේ නැතුව පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මම දකිනවා සිවිල් සංවිධානවලට ඒ වගේ විරෝධතා දක්වන්න අයිතියක් තියෙනවා. ඒක සිවිල් සංවිධානවල කටයුක්තක්.

    පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් - “මාධ්‍ය ආයතනවලට කවුරුවත් කඩා පැන්නේ නැහැ. එවැනි කටයුක්තක් කවුරුවත් කෙරුවේ නැහැ. සිවිල් සංවිධානවලට ඒ අයිතිය තිබෙනවා. මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා විරෝධතාවය දැක්වුවා. මාධ්‍ය ආයතනවලට යම් යම් දේවල් විවේචනය කිරිමට අයිතිය තියෙනවා වගේම සිවිල් සංවිධානවලටත් මාධ්‍ය ආයතනවලට විරෝධය දක්වන්න අයිතියක් තිබෙනවා. අපි පක්ෂයක් හැටියට ඒ අයිතිය පිලිගන්නවා යැයි ඔහු කියා සිටියේය.

    සිවිල් සංවිධාන විසින් පසුගියදා මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට විරෝධතා දැක්වුයේ පක්ෂග්‍රාහී නොවී සත්‍ය තොරතුරු රටට වාර්තා කරන ලෙසයි.

     

     

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 19:45

    Latest News