හැටන් ත්‍රීරෝද රථ සොරකම (වීඩියෝ)

ජන 12, 2019
  • නිවස ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තාවේ. ත්‍රීරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

    හැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස ඉදිරිපට ගාල් කර තිබු ත්‍රීරෝද රථයක් සොරාගෙන ඇති බවට ත්‍රීරෝද රථයේ හිමිකරු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඊයේ(11) අලුයම 2.05 ට පමණ තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථය සොරා ගෙන ඇත.
    ගාල් කර තිබු ත්‍රීරෝද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව එය පන ගන්වාගෙන රැගෙන ගොස් ඇති බව එහි හිමිකරු පවසයි. සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 21:30

    Latest News