පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 48ක් රෝහලේ

ඔක් 02, 2020

    පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

    අද (02) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසදිය.

    අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

    ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන තිබේ.

    එම මාර්ගය දැඩි ලෙස වලවල් හැරි තිබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

    තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස්වල පසුවන ළමුන් බවද පැවසේ.

    Bus-02.jpg

    Bus-01.jpg

     

    Last modified on සිකුරාදා, 02 ඔක්තෝබර් 2020 08:51

    Latest News