15 හැවිරිදි දැරියගේ සිරුර ඇළකින් හමුවෙයි

සැප් 29, 2020

    නිවසින් අතුරුදහන් වු පාසල් දැරියකගේ සිරුරක් කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබි අද (29) හමු වූ බව නානුඔය පොලිසිය පවසයි.

    මෙසේ හමු වි ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වත්තේ පහල කොටස් පදිංචිව සිටි නානුඔය ඇබඩ්ස්පොඩ් දමිළ මහ විද්‍යලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරයි.

    පවුලේ දෙවනියා වු මිය ගිය පාසල් සිසුවිය ඊයේ (28) රාත්‍රී 10 පමණ නින්දට ගිය බවත්, පසුව අලුයම 2.30 ට පමණ අවදි වි බලන විට දැරිය නිවසේ නොසිටි බවත්, නිවසේ එක් ජනේලයක් පමණක් විවෘතව පැවති නිසා දැරිය අද දින අලුයම සොයා අවට වතු කම්කරුවන් එක් ව සිදු කළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි පාසල් දැරියගේ සිරුර ඩෙස්පොඩ් ඇළේ අලියා වැටුණුවල ස්ථානයේ තිබි හමු වි ඇත.

    මිය ගිය දැරිය ඊයේ පස්වරුවේ බාහිර පන්තියකට සහභාගි විමට ගිය බව දෙමව්පියන් වෙත දැනුම් දි තිබුණද දැරිය බාහිර පන්තියට ගොස් නොමැති බවට දැනට කරන ලද මුලික විමර්ෂණවලදී අනාවරණය වි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

    පාසල් දැරියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නානුඔය පොලිසිය පැවසිය.

    Latest News