නිවෙස් වල භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

සැප් 29, 2020

    නිවෙස් 12ක පවුම් 55ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙක් කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති,නාවට්කුඩා යනාදී ප්‍රදේශවල නිවාසවලින් රන් භාණ්ඩ කොල්ල කෑම් සිදුව ඇති බවයි,පොලීසිය පවසන්නේ. කොල්ලකරුවන් සතුව තිබූ මෝටර් රථය සහ යතුරු පැදිය පොලිස් බාරයට ගෙන තිබේ.

    සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර,කාත්තන්කුඩි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News