'බත්තරමුල්ලේ බන්ටිගේ' ගෝලයන් 4 දෙනෙක් අත්අඩංගුවට

සැප් 23, 2020

    තලංගම පොලීසි විසින් මීට සති කිහිපයකට කලින් අත්අඩංගුවට ගත් නමගිය අපරාධකරුවෙක් වන 'බත්තරමුල්ලේ බන්ටි'ගේ ගෝලයන් 4 දෙනෙක් ඊයේ රාත්‍රියේදී තලංගම පොලිසියේ දුෂණ මර්දන කොට්ඨාශය විසින් බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් අය අතර වයස (40) කාන්තාවක්, විශ්‍රාමික ගුවන් හමුදා සෙබලෙක් (35) සහ වයස 20 සහ 21 තරුණයින් දෙදෙනෙක් වෙයි. ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රාම් 20ක්, හෙරොයින් ග්‍රෑම් 5ක්, කේරල ගංජා ග්‍රෑම් 40ක් හා මුදලින් රුපියල් 15,000ක්, ජංගම දුරකථන කිහිපයක් සොයා ගැනිණ.

    සැකකරුවන් අද දිනයේදී කඩුවෙල මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඉදිරි විමර්ශන තලංගම පොලිසියේ දුෂණ මර්දන කොට්ඨාශය විසින් සිදුකරනු ලබයි.

    Latest News