ඇමති චමල් උමාඔය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බලයි

සැප් 22, 2020

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (21) උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.

    එම සංචාරය අතර තුර උමාඔය මගින් රැගෙන එන ජලය තුලින් පෝෂණය වන වැව් සහ ප්‍රධාන අමුණු ඇතුළු ස්ථාන රැසක් ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    එහිදී මේ වන තෙක් මෙහි සංවර්ධන කටයුතු සිදු වූ ආකාරය සහ ඉදිරියේ දී එම සංවර්ධන කටයුතු වේගවත්ව සහ ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය ආකාරය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කෙරිණි.

    උමාඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු එලැබෙන මාර්තු මස නිම කිරීමට බලාපොරොත්තු වන බව චමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    Latest News