උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ලබන අගෝස්තු සිට

මැයි 20, 2023

    උමා ඔය බහුකාර්ය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර, එළඹෙන අගෝස්තු මාසයේදී එහි බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක්කළ හැකි බව, ඉදිකිරීම් භාර “ෆරාබ්” සමාගම පවසනවා.

    ඔවුන් ඒ බව, ඊ‍යේ විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට, අදියර දෙකක් යටතේ මෙගාවොට් 120 ක් එක් කිරීමට නියමිතයි.  “ෆරාබ්” කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි මහතා ඇතුළු පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

    පළමු අදියර ජාතික විදුලිබල පද්ධතියට අඑක් කෙරෙන්නේ අගෝස්තු මාසයේදී. ව්‍යාපෘතියේ දෙවන අදියර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ඉඩම් අක්කර 275 කට සහ අක්කර 2,100 කට ජලය සැපයීමේ අරමුණෙන් පුස්සැල්ල අමුණ සහ ඇල මාර්ගය ද මීට සමගාමීව ඉදිකෙරෙනවා.  

    ඒ තුළින්, ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40 කට ජලය සැපයීමට ද අපේක්ෂිතයි. එම ජලයෙන් කොටසක් ගෘහස්ථ, පානීය සහ කාර් මික අවශ්‍යතා සඳහා ද යොදාගැනීමට නියමිතයි. උමා ඔය පහළ නිම්න සංවර්ධනය සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 9,352 ක්. පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14 ක වැඩ නිමකර ඇති අතර තවත් වැව් 15 ක් සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. තවත් කුඩා වැව් 67 ක ප්ර්තිසංස්කරණ සිදු කිරීමට නියමිතයි. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියයි.

    Latest News