UN සමුළුවට රාජ්‍ය නායකයින් අන්තර්ජාලයෙන් (වීඩියෝ)

සැප් 22, 2020
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සරය මේ වසරේ යෙදි තිබේ. එහි සංවත්සර සැමරුම් සැසිවාරය ඊයේ ආරම්භ විය.

    මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවලින් අයෙක් බැගින් සහභාගීවීමට පමණයි අවසර ලබා දී ඇත්තේ. ඒ දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන්.

    එම රටවල අනෙකුත් නියෝජිතයින් සමුළුවට සහභාගී වන්නේ අන්තර්ජාලය හරහායි. ලොව සියලුම රාජ්‍ය නායකයින් ද මේ සමුළුවට මෙවර සහභාගී වන්නේ අන්තර්ජාලය හරහා වීම ද විශේෂත්වයක්. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් සංඛ්‍යාව 193ක්.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 20:18

    Latest News