මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 2,996ක්

සැප් 14, 2020

    කොවිඩ් - 19 රෝගය වැළඳුණු පිරිසෙන් 2,996 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 226 දෙනෙක් පමණයි.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු 39 දෙනෙක් ඊයේ වාර්තා විය. ඉන් 16 දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයයි. 12 දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ.

    තවත් හය දෙනෙක් වාර්තා වූයේ,කුවේට්හි සිට පැමිණි පුද්ගලයින්ගෙන්. මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙක් සහ යුක්‍රේනයේ සිට පැමිණි දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වෙයි. අනෙක් රෝගියා ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙක්.

    මේ දක්වා සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ 53,842ක්. ඊයේ පීසීආර් පරීක්ෂණ 1,890ක් සිදු කෙරිණ. කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,996 දෙනෙක් පූර්ණ සුවය ලබා සිටියි. එම ප්‍රතිශතය 92.64ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 6.98ක්.

    Latest News